ආයුබෝවන් !
අටබාගේ විමලධර්ම ජාතික පාසලේ මාර්ගගත අධ්‍යාපන ඒකකයට ඔබව සාදරයෙන් පිළිගනිමු.
ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ සියලුම රටවල් වර්ථමානයේ මුහුණ දී ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතු කොට ගෙන, සියලුම ජනයා හට නිවාසතුලට වී ආරක්ෂිතව රැදී සිටීමට සිදු වී ඇත. මෙහිදී අප පාසලේ මෙන්ම ලංකාවේ සියලුම පාසල්වල ඉගෙන ගන්නා සිසු සිසුවියන්ට අධ්‍යාපන කටයුතු අතපසු වීමෙන් විශාල පාඩුවක් සිදුව ඇත.
මෙම කරුණු සළකා බලා අප පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හට මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව සළසා දීමට අප කටයුතු කොට ඇත. මෙහි ප්‍රථම අදියර වශයෙන් මෙවර, අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් WhatsApp තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට තීරණය කොට ඇත.
මේ සඳහා 11 ශ්‍රේණියෙහි ඉගෙන ගන්නා සියලු සිසු සිසුවියන් මෙම ස්ථානයෙන් ලියාපදිංචි වන්න.
ගැටලු හා වැඩි විස්තර සඳහා මෙම දුරකථන අංකය අමතන්න : 0771476917
තවද, 11 ශ්‍රේණියට අදාල පාඩම් ඉහල ''Lessons'' යටතේ ඇතුළත් කර ඇති අතර ඉදිරියේ දී අනෙකුත් ශ්‍රේණිවල පාඩම් හා අභ්‍යාස මෙම වෙබ් අඩවියේ පළ කිරිමටද කටයුතු සූදානම් කොට ඇති අතර මේ පිළිබඳව ඉදිරි දින වල Facebook සමාජ ජාලය ඔස්සේ දැනුම් දෙනු ඇත.
කොරෝනා වෛරසය පැරදවීමේ ජාතික වගකීමට නිවසේ රැදී සිට සහය වන්න.
සියලු දෙනාට තෙරුවන් සරණයි!
විදුහල්පති,
විමලධර්ම ජාතික පාසල,
අටබාගේ.
2020.04.12
විදුහල්පති,
විමලධර්ම ජාතික පාසල,
අටබාගේ.
2020.04.12